'GovPay' හරහා සිදුකළ ගෙවීම් රු. මිලියන 750 ඉක්මවයි
October 31, 2025 11:38 am
ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද 'GovPay' මගින් රුපියල් මිලියන 750කට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු රජයට අදාළ විවිධ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් මෙම පහසුකම හරහා ගෙවීම් සිදුකළ හැක.
ඒ අනුව අද (31) දිනය වනවිට ගනුදෙනු 38,378ක් ඔස්සේ රුපියල් 760,834,489ක රාජ්‍ය ගනුදෙනු සිදුකර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මේ සඳහා රාජ්‍ය ආයතන 184ක ප්‍රමාණයක් එක්ව ඇති බවත් එහි සඳහන්.
 
					
